25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ

භික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ

භික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට කිසි ලෙසකවත් ඉඩ නොදෙන බවත් විවිධ පනත් හරහා භික්ෂූන්ට අත තැබීමට ගන්නා උත්සාහය පරාජය කරන බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ නාග විහාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

දැන් ඔය ගේන්න යන අධිකරණ පනතට අපි කැමති නැහැ. ආණ්ඩුව අපිට නීති දානවට කැමති නෑ. අපිට ඕන තරම් නීතිරීති තියෙනවා. නමුත් මේ දාන්නෙ වෙන පොතක්. දැන් මොකක් හරි වුණොත් කතා කරන්න ඉස්සරහට එන්නේ අහිංසක හාමුදුරුවරු ටික. ඒකත් කොටු කරල දාන්නයි මේ හදන්නේ.