― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න දීපු ණයෙන් පුංචි ඡන්දයට තීන්ත

අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න දීපු ණයෙන් පුංචි ඡන්දයට තීන්ත

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ඉන්දියාවෙන් ලබාදුන් ණය ආධාර පහසුකම යටතේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය ඇඟිලි ආලේප කිරීමේ තීන්ත ගෙන්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

අදාළ තීන්ත ගෙන්වීමට පෙර දැනට කොමිසම සතුව පවතින තීන්ත කල් ඉකුත් වී ඇත්දැයි පරීක්ෂා කරන බවත් මේ වනවිටත් ඒ පිළිබදව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් මැතිවරණ කොමිසම පවසයි.

පවතින තීන්ත තොග මැතිවරණය පැවත්වීම සඳාහා ප්‍රමාණවත් නොවන බැවින් අනිවාර්යෙන්ම ආනයනය කිරීමට සිදුවනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ ආහාර, ඖෂධ, අපනයන කර්මාන්ත සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහායි ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබාදෙනු ලැබුවේ.

කෙසේනමුත් මෙම ණය මුදලින් මැතිවරණය සඳහා අවශ්‍ය තීන්ත ගෙන්වීමටයි මේ වනවිට අවධානය යොමුව ඇත්තේ.