33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැලි ප්‍රවාහනය කරන අයට පණිවිඩයක්

වැලි ප්‍රවාහනය කරන අයට පණිවිඩයක්

සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය (වැලි, පස්, බොරලු, මැටි) ප්‍රවාහනය සඳහා නිකුත් කරන බලපත්‍රවල, අදාළ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මාර්ගය සහ ගමනාන්තයට අදාළ පොලිස් බලප්‍රදේශය 2023 ජනවාරි මස 02 සිට සඳහන් කිරීමට කටයුතු කරන බව භු විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති ආර්. සංජීපන් මහතා පවසයි.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.

වැලි ප්‍රවාහන සඳහා නිකුත් කරන බලපත්‍ර අනිසි ආකාරයෙන් භාවිත කිරීම සහ එයින් සිදුකරන දූෂණය වැළැක්‌වීම සඳහා මෙම ක්‍රියාවලිය සිදුකරන බව සභාපතිවරයා සඳහන් කරයි.