24.5 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදඹුල්ලේ මහා පරිමාණ ලූණු ජාවාරමක්

දඹුල්ලේ මහා පරිමාණ ලූණු ජාවාරමක්

දඹුල්ල – ඉබ්බන්කටුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන ලොකු ලූණු ගබඩාවක් තුළ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු කිලෝග්‍රෑම් 5000ක් දඹුල්ල මහ නගර සභාව විසින් සොයාගෙන තිබේ.

කාන්තාවන් යොදවා නරක් වූ ලොකු ලූණු සමග පරිභෝජනයට සුදුසු ලූණු කලවම් කරවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලැබුණු තොරතුරක් අනුව ගබඩාව වැටලීමට පියවර ගෙන ඇත.

මෙම ලූණු තොගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටා ඇති අතරමැදි වෙළෙන්දෙකුට අයත් බව වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහනගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් වාර්තාවක් කැඳවීමට නියමිතය.