30 C
Colombo
Monday, May 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගම්මන්පිලගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

ගම්මන්පිලගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය උදය ගම්මන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

උදය ගම්මන්පිල සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් එය එම නියෝගය ලබා දී තිබේ.

විත්තිකාර ගම්මන්පිල අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාට පුද්ගලික සංචාර දෙකක් හා රාජකාරිය සංචාර දෙකක් සඳහා විදේශගත වීමට අවශ්‍යව ඇති බව දන්වා සිටි අතර තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ජනවාරි මස 23 වැනිදා සිට අප්‍රේල් 29 දක්වා කාලය තුළ ඉවත් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ කාලසීමාව තුළ විත්තිකාර ගම්මන්පිලට පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කළ අතර අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හදාහරින ලෙසත් නියෝග කළේය.