― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ් රාජරත්නම් ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලනඥයන් හමුවෙයි

රාජ් රාජරත්නම් ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලනඥයන් හමුවෙයි

එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම හෙජ් අරමුදල් අභ්‍යන්තර වෙළඳ වළල්ලේ ප්‍රධාන කොටස්කරුවෙකු වූ බව කියන Galleon hedge අරමුදලේ නිර්මාතෘ ශ්‍රී ලංකාවේ උපන් රාජ් රාජරත්නම් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරි දිනවලදී ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකාවේ උපන් රාජ් රාජරත්නම් අභ්‍යන්තර වෙළඳ සුරැකුම්පත් වංචාව සම්බන්ධයෙන් අපරාධ චෝදනා මත 2009 වසරේදී අත්අඩංගුවට ගනු ලැබීය.

වසර කිහිපයක සිරගතව සිටි ඔහු පසුව නිදහස් විය. කෙසේ වෙතත් තමන් නිර්දෝෂී බව පවසමින් ඔහු පසුගියදා Uneven Justice නමින් පොතක් පළ කර තිබුණා.

මේ අතර දෙමළ පුනරුත්ථාපන සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් ලබාදුන් බවට රාජරත්නම්ට චෝදනා එල්ල වී තිබේ. 2006 වසරේ මහ බැංකුවේ අධිකාරියකින් තොරව කිරුළපන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ශාඛාවේ තිබූ ආන්දෝලනාත්මක ඇමෙරිකානු ඩොලර් මිලියන 3 ක තැන්පතුවට ද රාජරත්නම් සම්බන්ධ බවට චෝදනා එල්ල විය.

මෙම නීතිවිරෝධී ගනුදෙනුවට එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ නමත් සම්බන්ධ වුණා. ඉන් අනතුරුව 2015 වසරේදී විනිමය පාලන පනත උල්ලංඝනය කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත කරුණානායක අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී.