― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනව නාවික හමුදාපති හා ගුවන් හමුදාපතිවරයා අතර හමුවක්

නව නාවික හමුදාපති හා ගුවන් හමුදාපතිවරයා අතර හමුවක්

නව නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා හා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ අතර නිල හමුවක් ඊයේ (28) ගුවන් හමුදා මුලස්ථානයේදී පවත්වා තිබේ.

නව නාවික හමුදාධිපතිවරයා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙයයි.

එහිදී ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමාන්ඩෝ සුරේෂ් ප්‍රනාන්දු නිලධාරි තුමන් විසින් නව නාවික හමුදාධිපතිවරයා පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් නව නාවික හමුදාධිපතිවරයා වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.

මෙම හමුවේදී ගුවන් හමුදාධිපතිවරයා විසින් නාවික හමුදාපතිවරයාට සුභපැතුම් එක් කළ අතර ඒකාබද්ධ සමුද්‍රිය නිරීක්ෂණ මෙහෙයුම්, ගුවන් හා නාවික ඒකාබද්ධ පුහුණු අභ්‍යාස සිදුකිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.