29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩ ප්‍රමාද කිරීම නිසා කෝටි 3300ක් ගෙවන්න වෙයි

වැඩ ප්‍රමාද කිරීම නිසා කෝටි 3300ක් ගෙවන්න වෙයි

ව්‍යාපෘති සඳහා ලබාදුන් ණය මුදල් නිසි කලට ප්‍රයෝජනයට නොගැනීම නිසා ණය ලබාදුන් විදේශ ආයතනවලට බැඳීම් ගාස්තු ලෙස රුපියල් කෝටි 3300කට අධික මුදල් ගෙවිමට සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ 2021 වාර්ෂික විගණකාධිපති වාර්තාවෙනි.

ඒ අනුව විදේශ ණය ආධාර යටතේ 2014 – 2016 කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් මෙලෙස බැඳිම් ගාස්තු ගෙවීමට සිදුව ඇති අතර එය විදෙස් මුදල් අනුව ඇමරිකන් ඩොලර් 93,175,883ක්ද, යුරෝ 70,213,886ක්ද, හා යුආන් 1,328,347ක්ද බවද වාර්තවේ සඳහන් වේ.

මෙම මුදල් ගෙවනු ලබන්නේ ණය වාරිකවලට අමතරව වන අතර එසේ බැඳිම් ගාස්තු ගෙවිමට සිදුවු ව්‍යාපෘති විවිධ හේතු මත 2020 වසර අවසන් වන විටද අවසන් කිරිමට අසමත්ව තිබු බවද එම වාර්තාවේ සඳහන් වේ.

විගණන වාර්තාවට අනුව මෙලෙෂ බැඳිම් ගාස්තු ගෙවිමිට සිදුව තිබෙන්නේ බෙලිඅත්ත සිට වැටිය දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගය දිර්ඝ කිරිමේ ව්‍යාපෘතියට, නාගරික සෞඛ්‍යරක්ෂන සහ සනිපාරක්ෂන මුල පිරිම් ව්‍යාපෘතියට, අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට, ආනමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමයට, විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතියට ලබාදුන් ණය මුදල්වල ප්‍රයෝජනයට නොගත් ශේෂයන් වෙනුවෙනි.

#lankadeepa