මෙරට මිලියන 5කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බවත් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථීක අර්බුදය සමාජයේ සෑම අංශයකටම බලපාන බවත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පවසයි.
එහි නවතම දත්ත්වලට අනුව අනාවරණය වී ඇත්තේ මෙරට මිලියන 5.7ක ජනතාවක් එනම් සමස්ත ජනගහනයෙන් 26%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සඳහා මානුෂිය ආධාර අවශ්‍ය බවයි.
සමස්ත ජනගහනයෙන් 85%ක් මේ වන විට මෙම තත්ත්වයට අනුවර්තනය වී ඇති බවත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය අවධාරණය කර තිබේ.
එහි දක්වා ඇති දත්තවලට අනුව මෙරට ජනගහනයෙන් මිලියන 4.9කට එනම් 22%ක ප්‍රජාවක් ආහාර අනාරක්ෂිතතාවයකින් පෙළෙන අතර වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් ඌණපෝෂණ මට්ටමවල සිටින බවද වාර්තා වෙයි.