28.3 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා රට පරිහානියට පත්වුණා

රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා රට පරිහානියට පත්වුණා

අද සියලු ශ්‍රේණිගත කිරීම්වල අපේ රට පහළට ඇදවැටී ඇති බවත් බරපතළ අර්බූදයක රට ගිලී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) පස්වරුවේ කිලිනොච්චිය පැවති ජන හමුවකට එක් වෙමිනි.

ආණ්ඩුව පත් වූ සැනින් කෝටිපතියන්ට බදු සහන ලබාදෙමින් සිදුකළ අදූරදර්ශී අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මූලිකව රටේ පරිහානිය සිදු වීම ආරම්භ වූ බව පැවසූ විපක්ෂ නායකවරයා අද වන විට අත්‍යවශ්‍ය ඖෂධ ටික ලබාගැනීමට පවා මුදල් අහිමි වූ බංකොලොත් තත්ත්වයකට රට පත්ව ඇතැයිද පැවසීය.