29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවාස විකිණීමෙන් ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක්

නිවාස විකිණීමෙන් ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක්

ඩොලර්වලට නිවාස අලෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් උපයා තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ වසරේ ඩොලර්වලින් නිවාස අලෙවි කොට ලබාගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05ක් වන බවත් වසර අවසන් වීමටත් පෙර එම ඉලක්කය ඉක්මවා යාමට හැකි වූ බවත්ය.

මේ වනවිට එම නිවාස 11ක් ඩොලර්වලට අලෙවි වී ඇති අතර එම නිවාස මිලදීගෙන ඇත්තේ ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕමාන් කටාර් රාජ්‍යය හා ෆීජී දූපත්වල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ය.

තවත් නිවාස 8ක් මිලදී ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලීම්කර ඇති අතර එම ක්‍රියාවලිය මගින් ලබන වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක අදායමක් උපයා ගැනීමට සැලසුම් සකස් කර තිබේ.