22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසන්ෆ්ලවර් චලාගේ දේහය නිවසට රැගෙන එයි

සන්ෆ්ලවර් චලාගේ දේහය නිවසට රැගෙන එයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසියේ ජීවිතක්ෂයට පත්වූ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්තගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

චලනට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිටත් කටාන, හල්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

පෙරේදා (28) රාත්‍රියේ ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකින් පසු ඇතිවූ හෘදයාබධයක් හේතුවෙන් ඔහු ඇහැළියගොඩ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

රෝහලට ඇතුළත් කරන විටත් චලන ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.