― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකැන්රිච් ෆිනෑන්ස් ආයතනයට මහ බැංකුවෙන් නියෝගයක්

කැන්රිච් ෆිනෑන්ස් ආයතනයට මහ බැංකුවෙන් නියෝගයක්

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියළුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුලදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත මහ බැංකුව නියෝග කර තිබෙනවා.

අදාළ නියෝගය ලබාදී ඇත්තේ ‘ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම’ යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරවයි.

‘කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්’ ආයතනයේ සියළුම මහජන වගකීම් සම්පූර්ණයෙන් නැවත ගෙවීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට අවශ්‍ය පියවර තහවුරු කිරීමෙන් සහ එම මහජන වගකීම් ගෙවීමෙන් පසු එම ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව, ‘කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්’ ආයතනයේ තැන්පතුකරුවන්ගේ සහ පොරොන්දු නෝට්ටු හිමියන්ගේ යහපත උදෙසා ඉහත කී නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් එකගඟ වී ඇති පොළී අනුපාතයන්ට අනුව 2022.12.26 දින දක්වා උපචිත වන පොළී මුදල් ද ඇතුළුව සම්පුර්ණ මහජන වගකීම් ප්‍රමාණය ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි දන්වා ඇත්තේ.

මෙම නැවත ගෙවීමේ සැලැස්මට අනුව 2023 වසරේ පෙබරවාරි 28 දිනට පෙර සිය මුදල් නැවත ලබාගන්නා ලෙස ‘කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්’ ආයතනයේ සියළු තැන්පතුකරුවන් සහ පොරොන්දු නෝට්ටුහිමියන් වෙත මහ බැංකුව දැනුම් දෙනවා.