29.4 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅපහාස ශක්තියක් කරගත් ලෝකයේ කැතම කාන්තාව

අපහාස ශක්තියක් කරගත් ලෝකයේ කැතම කාන්තාව

ඇය නමින් Lizzie Velasquez. 1989 ඇමරිකාවේ ටෙක්සාස් වල ඉපදෙන ඇය ප්‍රසූත කරන්නෙ නිසි කාලයට වඩා සති හතරකට වගෙ කලින්..ඇය උපතේදීම අසාමාන්‍ය ලෙස අඩු බරකින්, එනම් කිලෝග්‍රෑම් 1.219 යුක්ත වෙනවා. Lizzieගෙ දෙමව්පියන්ට ඇයගෙ උපතේදීම අහන්න වුනෙ සුබවාදී වදන් නෙමෙයි.

වෛද්‍යවරුන් කියනවා ඇය හඳුනා නොගත් ඌණතාවයකින් පෙළෙනවා කියලා.. ඇයට කවදාවත් කතා කරන්න, ඇවිදින්න, තමන්ගෙ වැඩක් තනියෙම කරගන්න බැරි වේවි කියලා කියලා කීවම පළවෙනි දරුවා ලැබුනු දෙමව්පියන් විදියට ඔවුන්ට මොනවා හිතෙන්න ඇතිද? එහෙත් ඔවුන් ඇයව උස් මහත් කරන අභියෝගය භාරගන්නවා..

Lizzie පොඩි කාලෙ ඉදන්ම අනිත් ළමයි අතර අසාමාන්‍ය පෙනුමකින් යුක්ත නිසා අපහාසයට ලක් වෙනවා.ඇය ගෙදර ගිහින් වැඩිහිටියන්ගෙන් අහනවා හැමෝම ඇයව පිළිකුල් කරන්නෙ ඇයි කියලා..සමාජය තුළ ඇයව “කැත” කියන වචනෙන් හැඳින්වීම ඇයව මානසිකව වගේම ශාරිරිකවත් අපහසුතාවයට පත් කරනවා..

කාලයත් සමඟ ඇය වැඩෙනවා. 2006 වසරේ තිබුණු online මනාප තරඟයකින් ඇය “ලෝකයේ කැතම කාන්තාව” විදියට තේරී පත්වෙනවා.. ඇයගෙ කතාව නොදන්න මිනිසුන් ඇයට මහ අමානුශික වාග් ප්‍රහාර එල්ල කරනවා.

“What a ugly monster she is”
She should shot by putting a gun on her mouth”
“Why the hell her parents didn’t kill her in birth”

මෙවැනි අදහස් දැක්වීම් ඇයගෙ රූප දැකලා සමහරු පළ කරලා තියෙනවා.. ඇය ලෝකයේ කැතම කාන්තාව විදියට youtube වීඩියෝ පවා එලියට එනවා.” Cyber bulling ” වලට යමෙක් ලක් වෙනවා නම් එයට වැඩියෙන්ම ලක් වුනෙ Lizzie කීවොත් මං නිවැරදියි.. ඇය මේ සියලු දේම දෙස බලාගෙන ඉන්නවා…ඇය මුලින්ම මානසිකව ලොකු පීඩනයකට ලක් වෙනවා.නමුත් ඇය මේ සියල්ලටම වෙනම විදියකට උත්තර දෙන්න ඉටා ගන්නවා.

දැන් ඇයට වයස 28ක්..හැබැයි මේ වෙනකන් ඇයගෙ බර කිලෝග්‍රෑම් 29ට එහා වැඩි වෙලා නෑ.. ඇයට තිබෙන රෝගය Marfanoid- Progeroid- Lipodystrophy Syndrome ලෙස හදුන්වනවා.. සරළවම කියනවනම් මේක Asprosin ඌණතාවයක් නිසා ඇතිවන්නක්.. Asprosin කියන්නෙ ක්ෂීරපායි සතුන්ගෙ ඇඟ ඇතුළෙ නිපදවන ප්‍රෝටීන් හෝමෝනයක්..මේ හෝමෝනය නිපදවන්නෙ FBN1 කියන ජානය කේන්ද්‍ර කරගෙන.. මෙම හෝමෝනය අක්මාවෙන් ග්ලූකෝස් ලේ ප්‍රවාහයට නිදහස් කරන්න උත්තේජකයක් ලෙස ක්‍රියාකරනවා.

ඉතින් විශ්වාස කරනවනම් විශ්වාස කරන්න ඇයගෙ සිරුරේ මේදය ප්‍රතිශතයක් ලෙස තියෙන්නෙ 0%යි.. ඇය ඉතාම අපහසු ජීවිතයක් ගත කරන අයෙක්… දෛනිකව වරින් වර පොඩි ආහාර වේල් ලෙස ඇය කීප වරක් ආහාර ගන්න ඕන..දිනකට ඇයට කැලරි 5000-8000 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය කරනවා.

හදුනාගෙන තියෙන විදියට මේ රෝගයට මේ වනවිට මුළු ලෝකෙන්ම ලක්වෙලා ඉන්නෙ දෙදෙනයි.Lizzie ලෝකයෙන් අපවාද අහන්නෙ එවන් තත්වයක් තුළයි.. ඒ වගේම ඇයගෙ එක් ඇසක සම්පූර්ණයෙන්ම පෙනීම අහිමියි..
ඇය ඇයට අපහාස කරපු අයට නියම උත්තරයක් දෙනවා..අද වෙනකොට ඇය ලෝකයේම ආදරය දිනාගත්‍ත අභිප්‍රේරකයෙක්.. එමෙන්ම සයිබර් හිරිහැර වලට ලක්වෙන අය වෙනුවෙන් පෙනී සිටින්නියක් වගේම සමාජයේ විවිධ හේතූන් නිසා අපවාදයට ලක් වෙන අය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීනියක් විදියට කටයුතු කරනවා..
ඔබ ඔබව නිර්වචනය කරන්නෙ කෙසේද? ඇය එයට ලස්සන අර්ථකථනයක් දෙනවා.. 2014 වසරේදි ඇය TedxAustinwomen Talk වැඩසටහනට සම්බන්ධ වෙමින් දේශනයක් කරනවා…අද වෙනකොට එය නැරඹූ පිරිස මිලියන 6කට ආසන්න වෙනවා.. ඇය තරුණ ප්‍රජාව වෙනුවෙන් පොත් දෙකක් මේ වෙනකොට ලියලා තියෙනවා..

“ඔබ කව්ද කියලා ඔබ තීරණය කරන්න”

ඇයගෙ ජීවිත කතාව කියාදෙන වගේම ඇයගෙ දේශන වල සාරයද එයයි.. සමාජය ඔබට පහර දෙන දුර්වලම ස්ථානයම ඔබට පුලුවන් ඔබේ ජීවිතය වෙනස් කරන සංධිස්ථානය බවට පත්කරගන්න .. Lizzie කියන්නෙ සියදිවි නසාගන්නවා නම් උපරිම සාධාරණ හේතු තිබුණ තරුණියක්…නමුත් ඇය සියදිවි නසා ගැනීමේ විකල්පයට haha කියලා ඇයට අපහාස කරපු අයට ඇයගෙ සාර්ථකත්වය පෙන්වීම කියන විකල්පයට heart reaction එකක් දමනවා..

ඉතින් ඇය කැතයි කියලා මම නම් දැක්කෙ නෑ…ඇය වෙනස්ම විදියකට ලස්සනයි.. වෙනස්ම විදියකට ඇට හුරුබුහුටියි…
අපි අතර ඉන්නවා මුහුණෙ කුරුලෑ ආවත් මානසිකව තමන් විසින් තමන්ව පහත් කරගන්න උදවිය…
තමන්ගෙ හමේ වර්ණය අවලස්සනයි කියලා හිතාගෙන කෘතිමව සුදු වෙන්න ගිහින් ප්‍රශ්න වැඩි කරගත්ත අය අපි අතර ඉන්නවා…

සමහරුන්ට කෙට්ටු බව ප්‍රශ්නයක් වෙනකොට තවත් පිරිසකට මහත ප්‍රශ්නයක් ..
මිනිස්සු තමන්ගෙ පෙනුම නිසා මානසිකව වදවෙන විදිය ගැන අමුතුවෙන් කියවන්න දෙයක් නෑ සමාජ උදාහරණය ඕන තරම් ඔබ, මම අතර තියෙනවා… ඊටත් වඩා මිනිස්සුන්ගෙ අඩුපාඩුවකට හිනාවෙන නොමිනිසුන් මේ ලෝකයේ සුන්දරත්වය නැති කරලා තියෙනවා.. Lizzie ට එදා ඉතාම පහත් විදියට පරිභව කරපු මිනිසුන් අද සැඟවිලා ඇය දිහා බලාගෙන ඇති ..

ඇය පොත් ලියනවා.
ඇය වාර්තා චිත්‍රපට වලට පෙනී සිටිනවා.
ඇය දේශකයෙක් ලෙස මිනිසුන් බොහෝ දෙනෙකුගෙ මනස හදනවා.
ඇය දිරිය කාන්තාවක් ලෙස ලෝකයේම ජනාදරයට පාත්‍ර වෙනවා..
ඒ ඔක්කොටමත් වඩා ඇය අද සිනහ වෙනවා..
අවසානයේ නැවතත් මෙසේ කියන්නම්..

” ඔබ කව්ද කියා ඔබව නිර්වචනය කරන්නෙ අනුන් ඔබ ගැන කියන ඒවා මත නොව ඔබ විසින් කරනා ක්‍රියාවන් අනුවය.. බාහිර පෙනුමෙන් ඔබව නිර්වචනය කරන්නන් වැරදි බවට ඔප්පු කිරීමට ඔබට හැකිය.. අවශ්‍ය වන්නෙ හොද හදවතක් සහ මඟ දැනගෙන යන අරමුණක් සහිත ගමනක් පමණි..”

ඉතින් Lizzie Velasquez ලොව වෙනස්ම ආකරයකින් ලස්සනම ගැහැණිය නොවන්නේද? එම පැනය ඔබට ඉතුරු කර සමුගන්නෙමි..

(සටහන උපුටාගැනීමකි.)