― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරිය අනතුරකට ලක්වූ රිෂාබ් පාන්ට්ගේ අලුත්ම තත්ත්වය

රිය අනතුරකට ලක්වූ රිෂාබ් පාන්ට්ගේ අලුත්ම තත්ත්වය

රිය අනතුරකට ලක්වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

අද පැවති ඝන මීදුම මධ්‍යයේ අලුයම 5.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් පසු මෝටර් රථය ගිනිගෙන ඇති අතර ගිනි ගැනීමට ලක්වූ මෝටර් රථයේ ජනේලය බිඳීමෙනුයි ඔහු පිටතට පැමිණ තිබු අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.

ෂාබ්ගේ නළලේ කැපුම් දෙකක්, දකුණු දණහිසේ බිඳීමක් ඇති අතර දකුණු අතේ මැණික් කටුව, වළලුකරය සහ පාදය තුවාල වී ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රිෂාබ්ගේ තත්ත්වය ස්ථාවරව පවතින අතර, ඔහු ප්‍රධාන රෝහලක් වෙත මාරු කර යවා MRI පරීක්ෂණයකට භාජනය කර තුවාලවල තත්වය දැන ගැනීමට සහ වැඩිදුර ප්‍රතිකාර සිදු කිරීමට නියමිත බව එහි සඳහන්.