26 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවමගුල් පෙරහැර මැදට කඩාවැදුණු ත්‍රීරෝද රථය

අවමගුල් පෙරහැර මැදට කඩාවැදුණු ත්‍රීරෝද රථය

මියගිය කාන්තාවකගේ දේහයක් සුසාන භූමියට රැගෙන යමින් සිටියදී දේහය පිටුපස ගමන් කරමින් සිටි පිරිසක් අතරට ත්‍රීරෝද රථයක් කඩාවැදී තිබේ.

එම අනතුරෙන් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා ගාලුපාර ඔස්සේ වාද්දුව සිට වස්කඩුව පොදු සුසාන භූමියට රැගෙන යමින් සිටියදී කළුතර දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් එම පිරිසේ ගැටී තිබෙනවා.

ත්‍රීරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.