26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News"කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පනී" ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයි

“කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පනී” ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරනවා.

පාතාල කල්ලි නායක කංජිපානි ඉමිරාන් රාමේෂ්වරම් වෙත ඇතුළු වූ බව පවසමින් තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවත් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එසේ ම ඒ සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙස ප්‍රාන්තය පුරා සිටින ඉහළ පොලිස් නිලධාරින්ට දැනුම්වත් කර ඇති බවත් එම පුවත් වාර්තා සඳහන් කරනවා.