23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැලැන්ඩර් හා දිනපොත් මුද්‍රණය 90% කින් අඩුවෙලා

කැලැන්ඩර් හා දිනපොත් මුද්‍රණය 90% කින් අඩුවෙලා

2023 නව වසර වෙනුවෙන් කැලැන්ඩර් හා දිනපොත් මුද්‍රණය සියයට 80% – 90% ක් පමණ ඇණහිට ඇතැයි ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුශාසක ආරියදාස වීරමන් සඳහන් කළේ මෙම කැලන්ඩර්, දිනපොත් මෙන්ම ග්‍රන්ථ මුද්‍රණය කිරීම අද සිහිනයක් බවට පත්වී ඇති බවයි.

රටේ පැන නැගී තිබෙන ඩොලර් අර්බුදය අනුව කඩදාසි මිල අද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය ඉතා ඉක්මනින් විසඳීමට අදාළ වගකිවයුත්තන් පියවර ගත යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.