2022 වසරේදී පමණක් ඇමෙරිකාව විසින් ශ්රී ලංකාවට ඩොලර් මිලියන 240කට වැඩි ආධාර ලබා දී ඇති බව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසුවාය.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්රකාශ කළාය.
මෙම ආධාර තොගයේ වටිනාකම ශ්රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 88.5කට අධිකය.


