25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළඟදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ?

ළඟදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ?

එක්සත් ජාතික පක්ශ පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදෙමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ මාසයේදී සිදුකිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සහ පළාත් හයක් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනවාරි මාසය අවසානයට පෙර සිදු කිරීමට රජය සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ මූලික එකඟත්වය ඇතිව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

එහිදී නව කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනකු පත් කිරීමට මේ වනවිට යෝජනා වී ඇති අතර පොදු ජන පෙරමුණ යෝජනා කරන පක්ෂයේ
ජ්‍යෙෂ්ඨයන්ට වැඩි අමාත්‍ය ධුර සංඛ්‍යාවක් පිරිනැමීමට තීරණය වී ඇත.

මීට අමතර ව වජිර අබේවර්ධන මහතාටත් තවත් සමගි ජනබලවේග මන්ත්‍රිවරයකුටත් අමාත්‍ය ධුර ලබා දීමට මේ වනවිට එතකඟත්වය පළ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මීට අමතරව මූලික පියවර යටතේ ආණ්ඩුකාරවරුන් හය දෙනකු පත් කිරීමට තීරණය වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම බස්නාහිර සබරගමුව පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමට අවසථාව ලබා දී ඇති බවත් පොදුජන පෙරමුණට දකුණ,සබරගමුව වයඹ සහ නැගෙනහිරට ආණ්ඩුකාර ධුර ලබා දීමටත් පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකඟත්වය පළ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රීඩා,මහාමාර්ග,ප්‍රවාහන,වනජීවී,සෞඛ්‍ය ,වරාය,කර්මාන්ත,විදුලිබල,පරිසර යන අමාත්‍යාංශ වෙනස්වීමට ඇති අමාත්‍යාංශය බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.