හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ස්ථාපනය කරන ලද විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් රුපියල් ලක්ෂ 75 කට ආසන්න මුදලක් වැය කර තිබෙන බව වාර්තා වෙනවා.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරු මත පදනම්ව මේ බව මේ බව වාර්තා කර ඇත.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ ධවල මන්දිර මාධ්‍ය කුටියේ ආකෘතියට අනුව යමින් මෙම නව මාධ්‍ය මධ්‍යස්ථානය නිර්මාණය කර තිබුණ බවත් 2021 ජූලි 21 ත් 2022 අප්‍රේල් අටවනදාත් අතර කාලය තුළ අදාල මාධ්‍ය මධ්‍යස්ථානය සක්‍රීයව පැවති අතර එහි පවත්වා ඇති මාධ්‍ය හමු 24 ක් පවත්වා ඇත.


