දේශපාලඥයින් එකතු වී කාබාසිනියා කළ මේ රට යළි ගොඩනගා මෙරට තරුණ පරපුරට යහපත් අනාගතයක් උදාකර දීමට මූලික වෙන්නැයි ව්යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසීය.
හෙතෙම මේ බව ප්රකාශ කළේ පොළොන්නරුව ප්රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
වත්මන් දේශපාලන නායකයින් අරගලයෙන් පෙන්වා දුන් අරමුණ නිසි ලෙස ඉටු නොකළහොත් රටේ නොසිතන පිරිසක් දේශපාලන වගකීම් ගැනීමට ඉදිරියට එනු ඇතැයි හෙතෙම එහිදී අවධාරණය කළේය.
“ලබන කන්නයේ වී ටික විකුණ ගන්න බැරිවෙද්දි, මෙයාලා ගෙනාපු කෝටි 16,000ක හාල් ගැන කතා කරන්නේ නෑ. එදාට කතා කරයි ඩඩ්ලි සහ අනෙකුත් ව්යාපාරික ආයතනවල නම් ටික. මම අහන්න කැමතියි මේ රට පාලනය කරන ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එකට තියෙන වගකීම මොකද්ද ? මේ රට තුළ මෙවැනි දැවෙන ප්රශ්නයක් ගොවියන් අතරේ තියෙනවා නම් ඒක දැනෙන්නේ නැති දේශපාලනඥයෝ කවුද ? මෙහෙම අපි තව කොච්චර කාලයක් යන්න ද? ඩොලර් කෝටි 40ක හාල් මේ රටට ගෙන්වනවා කියන්නේ, සම්පූර්ණ වර්ෂයක් සඳහා රටේ සියලුම බෝගවලට පොහොර ගෙන්වන්න ප්රමාණවත් ඩොලර් ප්රමාණයක් තමා මුන් හාල් ගෙන්වීම පමණක් කරලා තියෙන්නේ. මේ 2023 වර්ෂයේ රටේ දේශපාලනඥයින්ට විශේෂ පණිවුයක් දෙන්න තියෙනවා. අපිව බය කරන්න, හංගන්න ලෑස්ති වෙන්න එපා. රටේ දේශපාලන නායකත්වය පළවා හැරීමට අරගලය පටන් ගත්තේ ඉස්සෙල්ලාම ගොවියන් කියන එක අමතක කරන්න එපා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. රට පාලනය කරන පාලනය කරපු සමස්ත දේශපාලනඥයින්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔක්කෝමලා එක කණ්ඩායමක් විදියට එකතු කරලා මේ රටට කරපු විපත්තියට ඒ දේවල් නිවැරදි කරලා මේ රටට අනාගතයක් උදාකරලා දීමට මුලික වෙන්න. එහෙම නැති වුණෙත් ඔබලා නොහිතන පිරිසක් මේ රට තුළින් අනාගත දේශපාලන වගකීම් ගන්න මතුවෙයි කියන රටේ සමස්ත දේශපාලනඥයින්ට මතක් කරනවා.“