30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසෞඛ්‍ය ඇමති හිටි හැටියේ ඉල්ලපු වාර්තාව

සෞඛ්‍ය ඇමති හිටි හැටියේ ඉල්ලපු වාර්තාව

ඉදිරි මාස හය සඳහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම වර්ෂය තුළ මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම සම්බන්ධයෙන් ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මාස තුන බැගින් වන කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කරමින් මෙම වාර්තාව සකස් විය යුතු බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ. ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණියද ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දිය යුතු බවත් ඒ සඳහා රජය ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

මෙරටට ඖෂධ ආනයනය කරනු ලබන රටවල්වල එම ඖෂධ පිළිබඳ තොරතුරුද රට තුළ නිෂ්පාදනය කරන ඖෂධ සම්බන්ධයෙන්ද අදාළ තොරතුරු ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාට උපදෙස් ලබා දී තිබේ.

රට තුළ ඇතැම් ඖෂධ විශාල වශයෙන් නිෂ්පාදනය කෙරෙන නමුත් ජනතාව විවිධ සන්නාම යටතේ නිකුත් කෙරෙන ඖෂධ සඳහා හුරුවී තිබීම හේතුවෙන් එම වර්ගයේම විවිධ සන්නාමයන්හි ඖෂධ ආනයනය කිරීමට සිදු වන බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

රට තුළ කිසිදු අයුරකින් කිසිදු මෙහොතක ඖෂධ හිඟයක් ඇති නොවීමට සෑම වර්ෂයේ ම එළඹෙන වර්ෂයට පෙර ඒ පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් කටයුතු කිරීම ඉතා වැදගත් යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.