27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරිය අනතුරකින් සුපිරි මෝටර් රථ ධාවකයෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් සුපිරි මෝටර් රථ ධාවකයෙක් ජීවිතක්ෂයට

මෝටර් රථ රැළි ධාවකයෙකු සහ යුටියුබ් තරුවක් වන කෙන් බ්ලොක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අධික බෑවුමක හිම රථයක් පදවාගෙන යමින් සිටියදී එම රථය පෙරළී ගොස් සිදුවූ අනතුරකින් බ්ලොක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඇමරිකාවේ Wasatch ප්‍රාන්තයේ දී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති අතර මිය යනවිට කෙන් බ්ලොක් 55 හැවිරිදි වියේ පසු වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ඔහු පමණක් එම රථයේ ගමන්කර ඇති අතර, විදෙස් වාර්තා පැවසුවේ අනතුර සිදුවූ ස්ථානයේදීම කෙන් බ්ලොක් මියගොස් ඇති බවයි.