― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෝටියකට අධික හොර ඖෂධ තොගයක් පිටකොටුවේදී අත්අඩංගුවට

කෝටියකට අධික හොර ඖෂධ තොගයක් පිටකොටුවේදී අත්අඩංගුවට

මෙරටට නීති විරෝධීව ආනයනය කරන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් පිටකොටුව ප්‍රධාන පෙළේ ඖෂධ ගබඩාවක තිබී තම භාරයට ගෙන තිබේ.

පිළිකා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ලිංගික බෙලහීනතාව, අක්‍ෂි ආබාධ, මදසරු භාවය, හෘද රෝග, පුරුෂ හෝමෝන, මොළයේ ආබාධ සඳහා භාවිත කරන අධික මිලකින් යුත් ඖෂධ තම භාරයට ගත් ඖෂධ අතර තිබූ බවද එම අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අංශ ප්‍රධානී අමිත් පෙරේරා පැවසීය.

පිටකොටුවේ සිට පුත්තලම මහනුවර, කල්මුණේ, මඩකලපුව යන ප්‍රදේශවලට මෙම ඖෂධ බෙදාහැර ඇති බවත් වෙනත් රටවල අලෙවිය සඳහා පමණක් එම රටවල භාෂාවෙන් විස්තර සඳහන් කර ඇති මිල අධික ඇතැම් ඖෂධ කෙසේ වෙළෙඳපොළට පැමිණියේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තුර්කිය, ඉතාලිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල්වලින් මෙම ඖෂධ හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.