― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදේශපාලකයින්ගේ දීමනා ආදායම් බද්දෙන් නිදහස්

දේශපාලකයින්ගේ දීමනා ආදායම් බද්දෙන් නිදහස්

රුපියල් එක්ලක්ෂ පනස් දහසකට වඩා මාසික වැටුපකට හිමිකම් කියන පිරිස ඉලක්ක කර රජය මගින් පුද්ගල ආදායම් බද්දක් ජනවාරි මස සිට ක්‍රියාත්මක කර තිබුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන් සහ පළාත් සභාවල සභාපතිවරුන් ඇතුළු එක්තරා පිරිසකට හිමිවන විවිධ දීමනා මෙම බද්දට යටත් නොවන නිසා කොටසකට බරපතළ අසාධාරණයක් සිදුවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය.

රුපියල් එක්ලක්ෂ පනස්දහසකට වැඩි වැටුපකට හිමිකම් කියන මුත් වෙනත් කිසිදු මූල්‍යමය නොවන වරප්‍රසාදයක් නොලබන පිරිස සම්පූර්ණයෙන්ම මෙම බද්දට හසුවන බවත් සාමාන්‍යයෙන් ගත්කල ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මසකට රුපියල් ලක්ෂ තුන හතරක ඉන්ධන දීමනා,නිල නිවාස ඇතුළු මූල්‍යමය නොවන වරප්‍රසාද රැසක් හිමි වන බව ද හෙතෙම කීය. පළාත් ආණ්ඩුකාරවරුන්ට වාහන තුනක් සඳහා මසකට රුපියල් ලක්ෂ හතක පමණ ඉන්ධන දීමනාවක් ලැබෙන බව ද මීට අමතරව දුරකථන දීමනා ආදිය ලබන බව ද ඔහු පැවසීය.

තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසකට විගණන කමිටු රැස්වීම් ප්‍රසම්පාදන කමිටු, මෙහෙයුම් කමිටු සඳහා විශේෂ ගෙවීම් හිමිවන බව ද එම ගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තොරතුරු නොලැබෙන නිසා ඒ ලබන ආදායම් පුද්ගල ආදායමට ඇතුළත් නොවන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින් එම නිලධාරියා කියා සිටියේය.

මීට අමතරව වෛද්‍යවරුන් වැනි පිරිස් මාසකට ලබන වැටුපට වඩා අතිකාල (ඕටී) මෙන්ම සායනික දීමනා ආදියට ද හිමිකම් කියන බවත් එම නිලධාරියා පැවසීය.

මේ අතර මහ බැංකු නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබාදීමට පියවර ගනිමින් සිටින බැවින් පුද්ගල ආදායම් බද්දෙන් පිරිසක් ගැලවී තවත් පිරිසක් ඊට ගොදුරුව සිටින බව ද එම නිලධාරියා හෙළි කළේය.

පුද්ගල ආදායම රු. 150,000 නම් රුපියල් 3500ක් ද, 200,000කට රුපියල් 10,500ක් ද, 250,000කට රුපියල් 21,000ක් ද, 300,000කට රුපියල් 35,000ක් ද, 350,000කට රුපියල් 52,000ක් ද, 400,000කට රුපියල් 70,500ක් ද, 500,000කට රුපියල් 106500ක් ද, 750,000කට 196,500ක් ද ලක්ෂ දහයකට රුපියල් 286,500ක් ද ලෙස පුද්ගල ආදායම් බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.