25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ගෙවාගන්න බැරිව වස පානය කළ මව ජීවිතක්ෂයට

ණය ගෙවාගන්න බැරිව වස පානය කළ මව ජීවිතක්ෂයට

සිය දරු දෙදෙනාට වස පොවා වස පානය කළ මවද වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව නාල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ පදිංචිව සිටි නිලූකා සංජීවනී නැමැති තිස් එක් හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව විසින් වස පොවන ලද පස් හැවිරිදි දරුවා මීට පෙර මිය මියගිය අතර අට හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.