― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ්‍ය ආදායම අඩු වී ඇති බවට අනාවරණයක්

රාජ්‍ය ආදායම අඩු වී ඇති බවට අනාවරණයක්

ණය ලබා ගැනීමේදී රජයට අයවන මුදල් ප්‍රමාණය අඩු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර මේ හේතුවෙන් රජයට අවශ්‍ය මුදල ලබාගැනීම සඳහා විශාල බැඳුම්කර ප්‍රමාණයක් අලෙවි කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙසේද කීය.

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාතිකය විශාල වශයෙන් ඉහළ දාලා තියෙන්නේ. මේ නිසා රජයට ණය ගැනීමේ දී ලැබෙන මුදල් ප්‍රමාණය අඩු මට්ටමකට එනවා. එහෙම නැත්නම් කිසියම් මුදල් ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඉහළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් විකිණීමට සිද්ධවෙනවා. සරලම උදාහරණය තමා 8% පොලී අනුපාතිකය යටතේ රජය රු 100ක භාණ්ඩාගාර බිල්පතක් විකිණුවොත් රජයට රු 92ක් ලැබෙනවා පොලී අනුපාතිකය විදියට. එය මිලදී ගන්න එක්කෙනාට රු 8ක් ලැබෙන්නේ. නමුත් 33% පොලී අනුපාතිකය යටතේ රු 100ක භාණ්ඩාගාර බිල්පතක් විකිණුවොත් රජයට ලැබෙන්නේ රු 67යි. එය මිල දී ගන්න පුද්ගලයාට රු 33ක් ලැබෙනවා. මේ නිසා රජයට අවශ්‍ය ණය ප්‍රමාණය ගැනීම සඳහා විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් එළියට දාන්න සිදුවෙලා තියෙනවා.