27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorld25ට අඩු තරුණ තරුණියන්ට නොමිලේ කොන්ඩම්

25ට අඩු තරුණ තරුණියන්ට නොමිලේ කොන්ඩම්

ප්‍රංශ රජය විසින් එරට තරුණ තරුණියන් සඳහා නොමිලේ කොන්ඩම් ලබාදීමට තීරණය කර තිබේ.

ප්‍රංශයේ අඩු වයසින් ගැබ් ගන්නා කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යමින් පැවතීමත් සමඟ රජය මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව අනපේක්ෂිත ගැබ් ගැනීම් සහ ලිංගාශ්‍රිත රෝග පැතිරීම අවම කිරීමේ අරමුණින් වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන්ට නොමිලේ කොන්ඩම් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ඊට අමතරව වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසිවලින් උපත් පාලන පෙති ලබා ගත හැකි බවත් ප්‍රංශ රජය නිවේදනය කර තිබේ. එමගින් අනවශ්‍ය ගැබ් ගැනීම් අවම වන අතර ලිංගික ආශ්‍රිත රෝග බෝ වීමද පාලනය කෙරෙන බවයි ඔවුන් පවසන්නේ.

ප්‍රංශයේ වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන්ට නොමිලේ කොන්ඩම් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීම මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.