― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුංචි ඡන්දයට ඇප බාරගැනීම 20 වැනිදායින් අවසන්

පුංචි ඡන්දයට ඇප බාරගැනීම 20 වැනිදායින් අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප තැන්පත් කිරීම ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ලබන 20 වැනිදා දක්වා අපේක්ෂකයන්ට ඇප තැන්පත් කිරීම් සිදුකළ හැකි බවයි මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ. මැතිවරණය සඳහා කඩදාසි හිගයක් නෙ ාමැති අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් මීට පෙර සිටම සූදානම්ව සිටි බව කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.

ඒ වෙනුවෙන් රුපියල් බිලියන 10ක මුදලක් පසුගිය වසරේ සිටම වෙන්කර තිබූ බවයි ඔහු කියාසිටියේ. මැතිවරණ නොපවත්වන ලෙසට තවමත් නීතිමය නියෝගයක් ලැබී නොමැති බැවින් නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදුකරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාර ගැනීමේ අවසන් දිනය ලබන 23 වනදා බවට මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රකාශයට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් තම අයදුම්පත්‍ර ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර ආයතන ප්‍රධානීන් හරහා ඉරිපත් කළ යුතු වනවා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යොජනා කැඳවීමට මැතිවරණ කොමිසම අද දින නියම කළා. ඒ අනුව ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පළාත් පාලන 341න් 340ක් සඳහා නාම යෝජනා කැඳවන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ.

2018 වසරේදී පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී අධිකරණ නියෝගයක් හේතුවෙන් ප්‍රමාද වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම හේතුවෙන් එහි නිල කාලය මෙතෙක් අවසන් වී නැහැ.

මේ අතර පළාත් පාලන ආයතනයක සියයට 25ක කාන්තා නියෝජනයක් සිදුවිය යුතු බවට දක්වමින් පසුගිය දෙසැම්බර් මස 29 වනදා මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයන් විසින් තැන්පත් කළ යුතු ඇප මුදලද එමගින් ප්‍රකාශයට පත් කළා. මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 2022 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව වන අතර ඒ වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට අට ලක්ෂයක්.