31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනව වසරට සෙත් පතා පාර්ලිමේන්තුවේ බෝධි පූජාවක්

නව වසරට සෙත් පතා පාර්ලිමේන්තුවේ බෝධි පූජාවක්

2023 නව වසරට සෙත් පතා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ බෝධි පූජාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෙම බෝධි පූජාවා අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති බෝධිය අසළදී පවත්වා ඇත.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම පූජාව සිදුකෙරුණේ කොළඹ සහ කළුතර ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක කෝට්ටේ සුනේත්‍රාරාමාධිපති පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද හිමියන් විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බෞද්ධ සංගමය විසින් ආශිර්වාද බෝධි පූජා පිංකම සංවිධානය කර තිබූ අතර එහි අරමුණ පැහැදිලි කිරීම සඳහා එහි සභාපති ශාන්ත වීරරත්න පිළිගැනීමේ කතාව කළේය.