27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස්රථවල නාමපුවරු සම්බන්ධයෙන් ගත් තීරණය

බස්රථවල නාමපුවරු සම්බන්ධයෙන් ගත් තීරණය

මෙරට දැනට මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල නාම පුවරු සම්බන්ධවෙන් නියමිත විධිවිධාන සකස් කරන මෙන් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ.

බස්රථවල භාවිතාවන නාමපුවරු නිසි පිරිදි ගමනාන්තය සඳහන් නොකිරිම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත් වන අතර මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග වලට යොමු වන ලෙසයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දුන්නේ.

ඒ අනුව පෙබරවාරි 04 වන දිනට ප්‍රථම මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමට නියමිතය.