― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයින්ට ඇමෙරිකාවේ රැකියා අවස්ථා 550ක්

ශ්‍රී ලාංකිකයින්ට ඇමෙරිකාවේ රැකියා අවස්ථා 550ක්

ශ්‍රී ලාංකිකයින්ට ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා අංශයේ බඳවා ගැනීම් සිදුකරන සමාගමක් සමඟ මේ පිළිබඳ ගිවිසුමකට එළඹ ඇති අතර එම ගිවිසුමට අනුව ලියාපදිංචි හෙදියන් 250 කට රසායනාගාර තාක්ෂණ ශිල්පීන් 100 කට සහ හෙද සහායිකාවන් 200 කට ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා හිමිවනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.