― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනව බස්රථ 500ක්‌ ධාවනයට එක් කරනවා - බන්දුල ගුණවර්ධන

නව බස්රථ 500ක්‌ ධාවනයට එක් කරනවා – බන්දුල ගුණවර්ධන

2023 වසර තුල නව බස්රථ 500ක්‌ පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කරනවා.”

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු නව බස් රථ 75ක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි. බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාවතේ පැවති මෙම වසර බෙදා දීමේ වැඩසටහනේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද දිනයේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් දිනයක්. ග්‍රාමීය ප්‍රදේශවල මංමාවත් වල තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කළ නවීන බස් රථ 75ක් අපගේ ප්‍රවාහන පද්ධතියට එක් වනවා. ඉන්දියානු රජයේ සහයෝගයෙන්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රු. ලක්ෂ 100ක පමණ වටිනා මෙම බස් රථ ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

මෙරට 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘති යටතේ මෙරටට ලැබෙන තවත් බස් රථ තොගයක් දිවයින පුරා ඩිපෝ වෙත බෙදා දීමට කටයුතු කරනවා. උතුරු නැගෙනහිර පලාත් ඇතුළුව සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ඩිපෝ වෙත මෙම බස් රථ වෙන්කර තිබෙනවා. 2023 වසර තුළ නව බස්රථ 500ක්‌ පොදු ප්‍රවාහනය උදෙසා ධාවනයට එක් කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඉන්දියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගොපාල් බාග්ලේ මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, මහමාර්ග රාජ්‍ය අමාත්‍යසිරිපාල ගම්ලත් මැතිතුමා,රාජ්‍ය අමාත්‍යවරුන් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ශාන්ත බණ්ඩාර, දිලුම් අමුණුගම යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.