― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවාහන ආනයනය කිරීමට අවසර?

වාහන ආනයනය කිරීමට අවසර?

රට තුළට විදේශ විනිමය ගලා ඒම යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව නැවත වාහන ආනයනය කිරීමට අවසර දීමට අවස්ථාව ලැබෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.

වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු එහිදී ප්‍රකාශ කළේ වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ වනවිට ආනයනය කෙරෙන බවත් මේ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් නැවත මෙරටට ගෙනදිය හැකි සංචාරක කර්මාන්තය යළි වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ ඇතිවන ස්ථාවර බව හරහා යළි රථවාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට හැකියාවක් ලැබේ යැයි අපේක්ෂා කෙරේ.

එහිදී අදහස් දැක්වූ අධිපතිවරයා,

“IMF එකට යනවා කියන එක බරපතළ තීරණයක්. IMF එකට යනකොට අපි කල්පනාකාරීව යන්නට අවශ්‍ය වෙනවා, අපේ තියෙන සැලැස්ම අපිට කොහොමද අපි ඒක ක්‍රියාත්මක කරගන්නේ IMF එකත් එක්කම. ඒ නිසා IMF එකත් එක විකල්පයක් හැටියට තමයි අපි බලන්නේ. තව විකල්ප තියෙනවාද? ඒ විකල්ප මොනවාද? ඒ විකල්ප කරනවා නම් IMF එකට යන විකල්පයට වඩා හොඳ විකල්පයක් ද කියලා බලන්නට අවශ්‍යයි.මෙතනදී අපි එහෙම බලලා තියෙනවා. මහ බැංකුවේ, මුදල් මණ්ඩලයේ අපේ තීරණය තමයි මේ අවස්ථාවේදී අපි දැන් යන ගමන, වෙනත් විකල්ප ඔස්සේ යන ගමන IMF යන ගමනට වඩා අපිට සතුටුදායක ගමනක් වෙනවා කියන එක.”