― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරට යවනවා කියා මුදල් ගැරූ අක්කා නගෝ අත්අඩංගුවට

රට යවනවා කියා මුදල් ගැරූ අක්කා නගෝ අත්අඩංගුවට

යාවත්කාලීන නොකල විදේශ රැකියා ඒජන්සි බලපත්‍රයක් යොදාගෙන නීතිවිරෝධී අයුරින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගෙන් රුපියල් විසිහතර ලක්ෂ හතලිස් පන්දහසක මුදලක් වංචා කළ එකම පවුලේ අක්කා සහ නංගී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර කටුගස්තොට මඩවල මාර්ගයේ මෙම එජන්සි ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර එහි බලපත්‍රය 2020.03.31 දින අවලංගු වී ඇතත් එය යාවත්කාලීන කර නොමැත. මෙම බලපත්‍ර ලාභිනිය තම බලපත්‍රය ඇටෝනි බලපත්‍රයක් මගින් තම එක කුස උපන් නැගණියට පවරා දෙදනාම එකතුවී මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.

මොවුන් දෙදනා කාන්තාවන් දොළොස් දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට යවා ඇති අතර රැකියා නොලැබීම හේතුවෙන් ආපසු පැමිණි ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් මාතලේ පොලිසියේද සහයෝගය ලබා ගනිමින් අදාල කාන්තාවන් දෙදෙනා මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කාන්තාවක් ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා ලබාගත් රුපියල් 615000ක මුදල එම කාන්තාවට ආපසු ලබාදීමට නැගණිය අධිකරණයේදී පොරොන්දු වු අතර සංචාරක වීසා මගින් නීතිවිරෝධිව කාන්තාවන් විදේශගත කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 12ක් සඳහා මෙම මස 7 වැනිදා පෙනී සිටින ලෙස බලපත්‍ර හිමි කාන්තාවට නියෝග කළේය.

මොවුන් දෙදෙනාම රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප දෙකක් මත මුදා හරින ලදී