29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීනි කම්හලෙන් පිත්තල කරාම ඉස්සූ තිදෙනෙක් අත්අඩංගුවට

සීනි කම්හලෙන් පිත්තල කරාම ඉස්සූ තිදෙනෙක් අත්අඩංගුවට

කන්තලේ සීනි කම්හලේ ගබඩාව කඩා එහි තිබූ පිත්තල කරාම තඹ කොටස් තොගයක් රැගෙන යමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අග්බෝපුර පොලිසිය පවසන්නේ මෙම සීනි කම්හල වසර ගණනාවක සිට වසා දමා තිබූ බවත් මොවුන් තිදෙනා එහි ගබඩාව කඩා පිත්තල කරාම හා තඹ කොටස් ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සීනි කම්හල අවට පදිංචිකරුවන් වන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සොරකම සඳහා සීනි කම්හලේ ආරක්ෂක අංශයේ සහය ලැබී ඇතැයි පොලීසිය සැක පළ කරයි.