― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහැමදාම බීගෙන ඇවිත් මවට හිරිහැර කරන පුතාට පියා සිදු කළ අපරාධය

හැමදාම බීගෙන ඇවිත් මවට හිරිහැර කරන පුතාට පියා සිදු කළ අපරාධය

බීමත්ව පැමිණ තම මවට පහර දුන් පුත්‍රයෙකුට පියා විසින් සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

අනුරාධපුර, සාලියපුර, තෙප්පන්කුලම ප්‍රදේශයේ දී ඊයේ (05) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විසිපස් හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා සිය මව, පියා සහ සහෝදරයන් සමඟ එකම නිවසක ජීවත්ව ඇති අතර මීට වසර කිහිපයකට පෙර සිදු වූ රිය අනතුරකින් ඔහුගේ පාදයක් ඉවත්කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

දිනපතා බීමතින් නිවසට පැමිණෙන මෙම පුද්ගලයා කලක සිට සිය මවට, පියාට, සහෝදරයින්ට පහර දෙන බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේදීත් බීමතින් නිවසට පැමිණ ඇති මෙම පුද්ගලයා මවට පහරදීමට යාමේ දී ඊට පියා මැදිහත්ව ඇති අතර එහිදී පියා විසින් ඔහුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම පහරදීමෙන් නිවස තුළ දීම අදාළ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (06) දිනයේ දී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ තැන්පත්කර තිබෙනවා.