31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමති නිමල්ගෙන් සෞඛ්‍ය ඇමතිට දොඩම් ගෙඩි

ඇමති නිමල්ගෙන් සෞඛ්‍ය ඇමතිට දොඩම් ගෙඩි

කොළඹ වරායෙන් නිදහස් කර නොගැනුණු රුපියල් කෝටි 7කට වැඩි වටිනාකමින් යුත් කහ දොඩම් කිලෝ 72,000 ක් (බහලුම් තුනක්)  රෝහල්වලට බෙදා හැරීම සඳහා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාරදෙනු ලැබීය.

මෙම දොඩම් ගෙඩි තොගය කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල සහ  මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් 60කට පමණ බෙදාදීමට සැලසුම් කර ඇත.

රෝහලවලට මෙම දොඩම් නොමිලේ ලබාදෙන නිසා මුදල් අමාත්‍යාංශය එම දොඩම් වලට අදාල රේගු බදු ඉවත් කර තිබෙනවා.