― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅලුත උපන් කිරිකැටියා මරා වැසිකිළි වළක සඟවලා

අලුත උපන් කිරිකැටියා මරා වැසිකිළි වළක සඟවලා

අලුත උපන් බිළිඳිය ඝාතනය කර එම සිරුර මල්ලක දමා නිවසේ පිහිටි වැසිකිළි වළක සැඟ වූ බව කියන කාන්තාවක් පසුගිය 05 වනදා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙරිපැහැ පොලිසිය විසින් වෑකුඹුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අදාළ කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වනවා.

උදරයේ වේදනාවක් ඇති බව දන්වමින් අදාළ කාන්තාව පසුගිය දා තෙරිපැහැ රජයේ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි මෙම කාන්තාව රෝහලෙන් පලා ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයාට ඇති වූ සැකයක් මත ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට ඇය පිළිබඳව සොයා බැලීමක් සිදුකරන ලෙස දන්වා ඇති බව සඳහන්.

පවුල් සෞඛ්‍ය නිලධාරිනිය අදාළ කාන්තාවගේ නිවසට ගොස් සිදුකර ලද සොයා බැලීමේ දී මේ බව අනාවරණය වී ඇති අතර, පසුව මල්ලක් තුළට දමා වැසිකිළි වළේ සඟවා තිබූ බිළිඳු මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පසුව ඒ පිළිබඳව රෝහල් වෛද්‍යවරයාට සහ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ කාන්තාව වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, සැකකාරිය මේ වනවිට බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.