27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක්

අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක්

මහරගම අපේක්ෂා රෝහලේ ඇතැම් පිළිකා ඖෂධ වර්ගවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අනෙක් ඖෂධ වර්ගවලට වඩා පිළිකා ඖෂධ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වන බව එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හන්සමාල් වීරසූරිය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියා.

මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට ලබාදිය යුතු අත්‍යවශ්‍ය ප්‍රධාන ඖෂධ වර්ගවල සැලකිය යුතු ප්‍රමාණයක් ද හිඟ වන අතර පියයුරු පිළිකා ඖෂධ මෙන්ම ආන්ත්‍රික පිළිකා වෙනුවෙන් ලබාදෙන ඖෂධ ද හිඟයක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.