28.4 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිරිස්සේදී හෙරොයින් සමඟ ඇල්ලූ සැකකරුවන් සතියක් රඳවා තබා ගැනීමට අවසර

මිරිස්සේදී හෙරොයින් සමඟ ඇල්ලූ සැකකරුවන් සතියක් රඳවා තබා ගැනීමට අවසර

මිරිස්ස ධීවර වරාය ආසන්නයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවා තබා ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබේ.ඒ, අදාළ සැකකරු ඊයේ(06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන් සන්තකයේ තිබී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට පත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 23 කට අධික වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 05දෙනා අවුරුදු 33ත් 42ත් අතර වයස්වල පසුවන මිරිස්ස, කඹුරුගමුව හා පිටිගල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.