― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහ බැංකුවෙන් දැනුම්දීමක්

මහ බැංකුවෙන් දැනුම්දීමක්

2022 ප්‍රථම භාගය තුළදී සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවති දේශීය මුදල් වෙළඳපොළ හිඟ ද්‍රවශීලතා තත්ත්වය, 2022 අවසාන භාගයේ දී අඩු වී තිබෙන බව මහ බැංකුව පවසනවා.

කෙසේ වෙතත්, මුදල් වෙළඳපොළ ද්‍රවශීලතා තත්ත්වයෙහි වර්ධනයක් සිදු වුවද, දේශීය මුදල් වෙළඳපොළෙහි ගනුදෙනු අඩු මට්ටමක පැවතීම හේතුවෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩවම ඉහළ මට්ටමක පැවති බවයි මහ බැංකුව පෙන්වා දෙනවා.

මේ අතර, බොහොමයක් බලපත්‍රලාභී වාණිජ බැංකු සිය ව්‍යූහාත්මක ද්‍රවශීල අවශ්‍යතා ඉටුකර ගැනීමේදී වෙළඳපොළ පදනම් කරගත් විකල්ප අරමුදල් සම්පාදන අවස්ථාවන් පිළිබඳව සලකා බැලීමකින් තොරව මහ බැංකුවේ විවට වෙළඳපොළ කටයුතු යටතේ වන එක්දින නිත්‍ය පහසුකම මත බොහෝ සෙයින් අඛණ්ඩවම රඳා පැවති බව දක්නට ලැබුණා.