― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරබර් ආශ්‍රිත අපනයන ආදායම ඉහළට

රබර් ආශ්‍රිත අපනයන ආදායම ඉහළට

2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන තුළින් ලද ආදායම 39% කින් ඉහළ ගොස් ඇති බවත්, රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය 93 % කින් පමණ පහළ ගොස් ඇති බව රුවන්වැල්ල ප්‍රදේශයේ අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ 2022 වසරේ මැද භාගය වන විට රබර් මිල සීඝ්‍රයෙන් පහළ බැසීම මෙන්ම, දේශීය රබර් ගොවියාට රබර් වෙළඳපොළක් නැති තත්ත්වයක් ඇති වූ බවයි.

ඒ, අනුව මේ පිළිබඳව සොයා බැලීමේ දී අපේ රට රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා රබර් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බැවින් අමුද්‍රව්‍ය ලෙස රබර් අපනයනය සිදුකළ ද එය ප්‍රමාණය ඉක්මවා සිදුකිරීම හේතුවෙන් මේ ගැටළුව ඇති වී තිබෙන බවට හෙළි වූ බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඒ, අනුව අදාළ පාර්ශ්ව එක්ව සකස් කළ වැඩපිළිවෙල මත 2021 දෙසැම්බර් මාසයේදී, අමුද්‍රව්‍යක් ලෙස ආනයනය කළ රබර් මෙට්‍රික් ටොන් 22000ක ප්‍රමාණය 2022 දෙසැම්බර් මස වන විට මෙට්‍රික් ටොන් 1548 දක්වා අඩුකර ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම 2021 වර්ෂයේ දී ඩොලර් මිලියන 1050ක් වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද 2022 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1463 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පැවසුවා.