― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොළඹට ⁣මත්ද්‍රව්‍ය බෙදන තිදෙනෙක් පොලිස් දැලේ

කොළඹට ⁣මත්ද්‍රව්‍ය බෙදන තිදෙනෙක් පොලිස් දැලේ

කොළඹ අවට ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතවූ සැකකරුවන් තිදෙනකු රුපියල් කෝටි 07කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් අද (08) අළුයම සමත් වුණා.

සැකකරුවන් කොළඹ, කැලණිය, කළුතර, පානදුර, නුගේගොඩ ප්‍රදේශවලට හෙරොයින්, ගංජා සහ හෂීස් ඉතා සූක්ෂම ලෙස බෙදාහරිමින් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්රෑම් 01ක්, කේරළ ගංජා කිලෝ 125ක් සහ හෂීස් කිලෝ 2ක් හා රුපියල් ලක්ෂ 2කට අධික මුදල් ප්‍රමාණයක් ද පොලිසිය සොයා ගනු ලැබුවා.

සැකකරුවන් වත්තල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගනිමින් මෙම ජාවාරම් සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග ලබාගනිමින් මාලිගාවත්ත පොලිසිය විමර්ශන සිදුකරනවා.