31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගංජා සමඟ අත්අඩංගුවට

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගංජා සමඟ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ඊයේ (09) සිදු කරනු ලැබූ වැටලීමකදී ගංජා සමඟ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේලන ලද ගංජා නිවසේ වහලය මත සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කිලෝ 15 කට ආසන්න ගංජා සහ ස්කෑනර් යන්ත්‍රයක්ද මේ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන CID විසින් මෙහෙයවනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.