33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවත්තලදී හෙරොයින් හා ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

වත්තලදී හෙරොයින් හා ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

ඊයේ උදෑසන වත්තල පොලිස් වසමේ වෙස්වුඩ් ලෝන් පටුමග ප්‍රදේශයේදී මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 500ක් සහ කේරළ ගංජා කිලෝ 125ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 55ක කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට කියන රුපියල් 199000ක මුදලක්, ජංගම දුරකතනයක් හා තරාදි 02ක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.