― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැතිවරණෙට සල්ලි නැත්නම් රාජ්‍ය ඇමතිවරු 39 දෙනා අහෝසි කරන්න

මැතිවරණෙට සල්ලි නැත්නම් රාජ්‍ය ඇමතිවරු 39 දෙනා අහෝසි කරන්න

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතිනම් ඒ සඳහා මුදල් ඉතිරිකරගැනීමේ පළමු පියවර ලෙස රාජ්‍ය ඇමතිවරු 39 දෙනා අහෝසි කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (09) කොළඹ පිහිටි නිදහස ජනතා සභා කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට රජය නොගහන තුරුම්පුවක් නැති බවත් මෙම මැතිවරණය වෙනුවෙන් 2022 අයවැය මගින් මුදල් වෙන්කර ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ රාජ්‍ය ඇමතිවරුන් 39ට දෙනා වෙනුවෙන් වාහන 340කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ඉන්ධන, වැටුප්, කාර්ය මණ්ඩල, විදේශ ගමන්, වරප්‍රසාද ආදිය සඳහා කෝටි ගණනක අති විශාල ධනස්කන්ධයක් වැය කරන බැවින් එම මුදල මැතිවරණය සඳහා ඉතිරිකර ගත හැකි බවයි.

ගෝඨාභය රාජපක්‍ෂ වසරක් රට පාලනය කළේ එක් රාජ්‍ය ඇමතිවරයකු හෝ නොමැතිව බවත් වත්මන් රජය මැතිවරණයට පමණක් මුදල් නැති අතර රාජ්‍ය ඇමතිවරු නඩත්තුවට මුදල් තිබෙන බව හෙතෙම එහිදී අවධාරණය කළේය.