දුලි බිල වැඩි කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, කෙසේ වෙතත් එලෙස විදුලි බිල වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.
විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්රයක් සකස් කිරීමට ද යෝජනා වී තිබුණු අතර එම යෝජනාවට අද රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දී ඇති අතර, එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමටද තීරණය කළ බවයි වාර්තා වන්නේ.