27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංදර්ශන රාජකාරියක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට

සංදර්ශන රාජකාරියක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට

අරණායක – මාවනැල්ල මාර්ගයේ අලුපත ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) අලුයම සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරණායක පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.

කොස්තාපල්වරයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා දික්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කොස්තාපල්වරයා අරණායක ප්‍රදේශය පැවති සංදර්ශන උත්සවයක රාජකාරීයේ යෙදී සිටි අතර තුර මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කොස්තාපල්වරයා 22 හැවිරිදි වියේ පසුවන කන්තලේ, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.